Home



සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා

උතුම් බුද්ධභාෂිතය තවමත් නිර්මලව නො වෙනස්ව පවත්නා සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක රත්නයන් පරිශීලනය ක්‍රමයෙන් හීන වෙමින් පවතින හා ඒ නිසාවෙන් ම විවිධ මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රාවකයින් අන්දමන්ද කරවමින් හතු පිපෙන්නා සේ බිහිවන දේශකයන් වහන්සේලා ගෙන් අහිංසක මෙන්ම බහුශ්‍රැත නො වූ බෞද්ධ පින්වතුන් බේරා ගැනීමේ අදිටනින් යුතුව මූලික බුද්ධ දේශනාවන්ට ම නැවත යොමු කරවීමේ අදහසින් පහත වෙබ් දිගුව ඔබට ඉදිරිපත් කරන්නෙමු. එයින් සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවන් නොමිලයේ බාගත කර ගත හැක.

http://aathaapi.org/Thripitaka.php

Learn More


පරම පූජණීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි

“මං ධර්මය ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ නිසා මට හිතුණා මේ ධර්මය මාත් හොඳට තේරුම් අරගෙන අනෙක් අයටත් කියා දෙන්න ඕනෑ කියලා. බුදුහාමුදුරුවන්ගේ ධර්මය ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මය පැහැදිලි අවබෝධයකින් තොරව ලියන්නට කියන්නට යාම හරිම නිෂ්ඵල වැඩක් කියලා මට හිතුනා. සමහර ධර්ම කාරණා තේරුම් ගන්නට මං සති ගණන් මාස ගණන් කල්පනා කළා. ඒ අනුව මං හරියට තේරුම් නො ගත්ත කිසිම කාරණයක් මගේ පොත්වල ලිව්වේ නැහැ.”

http://banamaduwa.com/ebooks.php

 

Learn More


වෙනත් වටිනා වෙබ් පිටු

http://aathaapi.org/index.php

http://www.ogatharana.org/

http://sadaham.net/

http://www.accesstoinsight.org/

 

Learn More

මාගේ ශ්‍රාවකයා පහළ වූ පරප්‍රවාදය කරුණු සහිතව මැඬලා නෛර්ය්‍යානික කොට දහම් දෙසන තාක් නො පිරිනිවෙමි………

 

දැන් පිරිනිවන් පෑමට කාලයයි කී මාරයා හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහඃ

පවිටු මරුව, යම්තාක් මගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර ධර්මානුධර්මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්මචාරීහු නො වන්නාහු ද, ස්වකීය ආචාර්යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නො දක්වන්නාහු ද, නො හෙළි කරන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිතව මැඬලා නෛර්ය්‍යානික කොට දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි යි.

(දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය)

kusinara02